විදුලි ඉංජිනේරුවෝ වැඩවර්ජනයක

343


ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු වෘත්තීය සමිතිය අද මධ්‍යම රාත්‍රී 12 සිට වැඩවර්ජනයක නිරතවන බව පවසයි.විදුලි බල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිතිය සඳහන් කරයි.මේ සම්බන්ධව විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පැවසූවේ සංශෝධන සහිතව විදුලි බල පනත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.


advertistmentadvertistment