විධායක නිලධාරි වර්ජනය අත්හිටුවයි

1

ඉල්ලීම් දෙකක් මුල්කරගෙන රජයේ විධායක නිලධාරි සංගමය ආරම්භ කර තිබූ දෙදින වැඩ වර්ජනය ඊයේ (26දා) තාවකාලිකව අවසන් කළ ද සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සංගමයේ සාමාජිකයන් එක්වී තීරණය කරන බව එම සංගමයේ කැඳවුම්කරු එච්.ඒ.එල්. උදයසිරි මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය.

වැඩ වර්ජනය අවසන් කළත් රජයේ විධායක නිලධාරීන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සම්බන්ධවීම තවදුරටත් වර්ජනය කරන බවද ඒ මහතා කීය. ක්‍රමසම්පාදන, ගණකාධිකාරී, දේශීය ආදායම්, පශු වෛi, කෘෂිකර්ම, අධ්‍යාපන පරිපාලන, තාක්ෂණික, විද්‍යාපීඨ ආචාර්යවරු ඇතුළු කණ්ඩායම් 18ක සාමාජිකයෝ වැඩවර්ජනය සඳහා එක්ව සිටියහ.

විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත්කර ගැනීම සහ අන්තර් පළාත් දීමනාවක් ලබාගැනීම යන කරුණු දෙක පදනම් කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගත් බවද උදයසිරි මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment