විමල්ට එරෙහි නඩුවේ  සාක්‍ෂි විභාගය මැයි 30ට කල් තබයි

183

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් කොමසාරිස් ශෙයිඞ් හුසේන් කුමරු ශ‍්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ප‍්‍රමුඛ සැකකරුවන් 6 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන මැයි 30 දා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ (07 දා* නියෝග කළේය.

විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, මොහොමඞ් මුසම්මිල්, පියසිරි විජේනායක හා රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන්ට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය මගින් පොලිස් ආඥාපනත හා මංමාවත් ආඥාපනත උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment