පෞරාණික පිළිමයක් විකිණීමට යද්දී එස්ටීඑෆ් එකට කොටුවෙලා

161

පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (29වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මොරගොඩ පොලිස් වසමේ මෙගොඩවැව, මොරගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී මෙම පිළිමය අත්අඩංගුවට

ගන්නා ලදී. මෙහිදී බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 09ක්ද විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබේ. සැකකරු මොරගොඩ පොලිසිය වෙත බාරදී තිබේ.

විශේෂ කාර්ය බළකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ. එම්. පී. එන්. අධිකාරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment