විරසක දෙදෙනා වැළඳ සිටින සේයාරුව ලොවම කළඹයි

749

කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මිත ට්විටර් හිමිකාරිත්වය දරන එලෝන් මස්ක් හා මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් වැළඳගෙන සිටින සේයාරුවක් ලොව පුරා සමාජ මාධ්‍ය ජාලයන්හි බෙහෙවින් හුවමාරු වෙමින් පවතී.

ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයන්හි හිමිකරුවන් දෙදෙනා අතර ප්‍රබල ව්‍යාපාරික ගැටුමක් පවතින මොහොතේ මෙවන් සේයාරුවක් නිකුත් වීම ලෝකයේම අවධානයට යොමුව ඇත.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හා සමාන Threads ලෙස නම් කර ඇති නව යෙදවුමක් මෙටා සමාගම මගින් පසුගියදා එළිදැක්වීම මේ ගැටුමට හේතුවී ඇත.

එලෝන් මස්ක්ගේ සමාගමේ නීතිඥවරයා මේ නව යෙදවුම සම්බන්ධව මෙටා සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment