වෙසක් පෝදාත් ජනතාව පෝළිමේ – සේදවත්ත තෙල් පෝලිම නුවර පාරත් ආක්‍රමණය කරයි….

233

සේදවත්ත තෙල් පිරවුම්හල වෙත ඉන්ධන ලැබෙන තෙක් නව කැලණි පාලම ඔස්සේ නුවර පාරේ හතරේ කණුව ද පසුකර විශාල වාහන පෝලිමක් ඊයේ (15 දා) දක්නට ලැබිණි. ඊයේ පෙරවරුවේ කැලණිය නව පාලම මත විශාල වාහන පෝලිමක් තිබූ අයුරු මෙහි දැක්වේ.

 ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

ඉන්ධන, ගෑස්, භූමිතෙල් හිඟය හේතුවෙන් ඊයේ වෙසක් පොහොය දිනයදා ද (15 දා) ජනතාව තවදුරටත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියහ.

 රටපුරා ජනතාව ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හල් අසල පැය ගණනාවක් දිගු පෝළිම්වල රැඳී සිටියහ. කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ඉන්ධන ලබා ගැනීමට පැමිණි වාහන කිලෝමීටර් 5 කට ආසන්න දිගු පෝළිම්වල සිටිනු දැකගත හැකිවිය.

 පෙරේදා දිනයේදී ගෑස් ඉල්ලා ජනතාව නාවින්න, කොම්පඤ්ඤවීදිය, මට්ටක්කුලිය යන ප්‍රදේශවල මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධය දක්වන්නට වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පෑලියගොඩ ඉන්ධන පිරවුම්හලේ පෝළිම ඡායාරූපයේ දැක්වේ.

 ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූප- නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment