අගමැති රනිල්ට සෙත් පතා අග්‍රාමාත්‍ය  කාර්යාලයේදී ධර්ම දේශනාවක්

95

වෙසක් පුන් පොහොය යෙදුණු ඊයේ (15 වැනිදා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ධර්ම දේශනයක් පැවැත්විණි. රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ධර්ම දේශනාව සංවිධානය කර තිබුණේ එක්සත් බෞද්ධ කමිටුවේ අනුශාසක සාගල රත්නායක මහතා විසිනි. මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, රංගේ බණ්ඩාර, එක්සත් බෞද්ධ කමිටුවේ සභාපති මහරගම එජාප සංවිධායක නීතිඥ සුදත් ජයසුන්දර සහ එක්සත් බෞද්ධ කමිටුවේ ලේකම් මහරගම නාගරික මන්ත්‍රී රේණුකා සේනාරත්න යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment