වෙසක් සතියේ වැඩි මිලට විකුණන්න අරක්කු සහ බියර් ගබඩා කළ දෙදෙනෙක් කාත්තන්කුඩියෙන් මාට්ටු

34

වෙසක් සතිය තුළ කාත්තන්කුඩි පොලිසිය විසින් කළ හදිසි වැටලීමකදී නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ බියර් බෝතල් සහ නීති විරෝධී කසිප්පු සමග කාන්තාවක් සහ තවත් අයෙක් අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති එච්. එම්. සියාම් මහතා පවසයි.

පෙරේදා (04 දා) දිසා අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් ස්ථාන භාර නිලධාරී දුමින්ද නයනසිරි මහතාගේ මෙහෙයවීමෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සියාම් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වටලා අරක්කු, බියර්, කසිප්පු බෝතල් අත්අඩංගුවට ගත් අතර 39 හැවිරිදි කාන්තාවක් සහ 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම වැටලීම සඳහා උ.පො.ප. එම්. ඉෂාක් සහ පොලිස් නිලධාරීන් වන ජයවීර සහ චන්ද්‍රකාසන් තනෝජන් යන නිලධාරීන්ද එක්ව සිටියහ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මඩකලපුව – ජව්ෆර් ඛාන්

advertistmentadvertistment
advertistmentadvertistment