ශ්‍රීලනිපයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන අතින් පත්වීම් ලැබූ 122 දෙනකුට නැවත එය තහවුරු කරමින් පත්වීම් දෙයි

50

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු 122 දෙනකු නැවත එම තනතුර තහවුරු කරමින් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩ බලන සභාපති ලෙස පත්වූ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් පත්වීම් ලබා ගත්හ.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ අධිකරණ වාරණ නියෝගයන්ට අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දුන් දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු ඉන් ඉවත්ව වත්මන් වැඩ බලන සභාපති ලෙස පත්වූ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහයෝගය ලබා දෙන බව පවසමින් සිය පත්වීම් ලිපි ලබා ගත් බව කොළඹ දිස්ත්‍රික් සංවිධායක උදේශි ගුණරත්න මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

ඒ අනුව තවත් දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් සහ වරියන් පවතින දේශගුණික තත්ත්වය හේතුවෙන් පත්වීම් ලබා ගැනීමට පැමිණීමට නොහැකි බවට නිදහස් පක්‍ෂයේ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment