රනිල්ට පොහොට්ටුවේ උපරිම සහාය

184

දේශපාලන පක්ෂයක් ලෙස ස්වාධීනත්වය රැකගෙන රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගාර කාරියවසම් මහතා පැවසීය. මේ අවස්ථාවේ දේශපාලනයට වඩා රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම ප්‍රධාන කාර්ය බැවින් ඒ සඳහා වගකිවයුතු දේශපාලන පක්ෂයක් විදියට සිය වගකීම ඉටු කරන බව ද හෙතෙම පැවසීය.

රටේ පවතින ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන ඇතැම් අන්තවාදී කල්ලි කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමවලින් රට අස්ථාවර කරන්න දරන උත්සාහයන්ට ඉඩදිය නොහැකි බවත් තම පක්ෂය රට වෙනුවෙන් තිබෙන වගකීම් දේශපාලනය පදනම් කරගෙන පැහැර නොහරින බවත් හෙතෙම සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ ආරාධනාවට අනුව රජයේ ඇමැති ධුර පිළිබඳව තීරණයක් ගන්නා බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අනුර බාලසූරිය, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment