ශ්‍රී ලංකාව දෙවන තරගයත් පරදියි – නේෂන් කප් නෙට්බෝල් තරගාවලිය

209

නේෂන් කප් දැල් පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23 වැනිදා) සහභාගී වූ දෙවන තරගයේදී සිංගප්පූරු “ඒ ” කණ්ඩායම හමුවේ ලකුණු 61-52 ක් ලෙස පරාජයට පත් වූයේය.

පෙරේදා පැවැත් වූ ශ්‍රී ලංකා – කැනඩාව අතර තරගයෙන්ද ලකුණු 46-56 පාරජයක් හිමිවීමත් නිසා ශ්‍රී ලංකාව මෙතෙක් තරග වැදි තරග දෙකම පරාජයට පත්ව ඇත. ඊයේ පැවැති තරගයේ කාර්තු හතර සටහන් වූයේ 15-10,14-12,16-14,17-15 ලෙසය.

කණ්ඩායම් හයක් තරගවදින මෙම නේෂන් කප් තරගාවලියේ ශ්‍රී ලංකාව අද (24 වැනිදා) කුක් දිවයින සමග තරග වැදීමට නියමිතය.

කුක් දිවයින නෙට්බෝල් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 19 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව 20 වන ස්ථානයේ රැඳී සිටී.

අද පැවැත්වෙන අනෙක් තරග

පැපුවානිව්ගිනි හා සිංගප්පූරුව “ඒ” කණ්ඩායම සිංගප්පූරුව හා කැනඩාව

advertistmentadvertistment
advertistmentadvertistment