දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් :(SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් පමණක් නොව තම සමාජ වගකීම් අවබෝධ කර ගෙන තම ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාත්මක වන වපසරයේ වැඩි දියුණුවට ක්‍රියා කරන වගකිවයුතු ආයතනයකි.

SLIC ලයිෆ් විසින් රට පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා 2014 දී ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් – සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම ශිෂ්‍යත්ව ක්‍රමය මේ දක්වා රු. මිලියන 200කට වඩා වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 2000කට අධික ප්‍රමාණයක් ප්‍රදානය කර ඇත. 2022 5 වසර ශිෂ්‍යත්වය, 2021/22 අ.පො.ස සාමාන්‍ය පෙළ සහ 2022 අ.පො.ස උසස් පෙළ විභාගවලින් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 300 දෙනෙකුට මෙවර ශිෂ්‍යත්ව ක්‍රමය මඟින් මුල්‍යම ශිෂත්ව පිරිනැමීමට නියමිතය. විභාග තුනෙන්ම ඉහළම ශ්‍රේණිගත කිරීම් මත සිසුන් 75ක් තෝරා ගත් අතර මුළු සිසුන් සංඛ්‍යාව 300 ක් වේ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ, දිස්ත්‍රික් ජයග්‍රහණ අනුව සුදුසුකම් ලබා ගත් අය තෝරා ගන්නා ලද අතර අ.පො.ස. උසස් පෙළ අයදුම්කරුවන් සඳහා ජාතික මට්ටමේ ජයග්‍රහණ මත තෝරා ගැනීම් සිදු කරන ලදී.

වසර පහක් සඳහා රු. 20,000 ක් ද, වසර දෙකක් සඳහා රු. 40,000 ක් ද, වසර තුනක් සඳහා රු. 50,000 ක් ද බැගින් පිළිවෙලින් 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවලින් සුබ පැතුම් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ප්‍රදානය කෙරේ. මෙම ශිෂ්‍යත්වය සඳහා මුළු වටිනාකම රු. මිලියන 50ක් වේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් – සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2024 ජූනි 17 වන දින කොළඹ නෙළුම් පොකුණ – මහින්ද රාජපක්ෂ ප්‍රසංග කලා රඟහලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලය, සභාපති, ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව ඇතුළු ශිෂ්‍යත්ව ලාභී සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ද සහභාගි විය.

වසර 60 ක විශිෂ්ටත්වය සමරන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, ජීවිත රක්ෂණ ක්‍ෂේත්‍රයේ විශාලතම වත්කම් සම්භාරය වන රු. බිලියන 221 ක් සහ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල වන රු. බිලියන 180.8 කට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජීවිත රක්ෂණ ආයතනය ලෙස තහවුරු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment