ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව නම් කරයි

31

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව ප්‍රකාශයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සාමාජිකයන් 05 දෙනකුගෙන් සමන්විත වන ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිත්වයට ඩී. උපාලි කුමාරසිරි මහතා නම් කර තිබේ. උපාලි කුමාරසිරි මහතා 2012 වසරේ දී ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තෝරා ගැනීමේ කමිටුව නියෝජනය කර ඇති අතර රවී විද්‍යාලංකාර මහතා, සාරංගි ද සිල්වා මිය සහ ලුතිතන් කර්නල් එම්. කේ. පී. ජයසේකර මහතා පළමු වරට තෝරා ගැනීමේ කමිටුවට ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි.

2025/2026 සඳහා නම් කෙරුණු ජාතික මලල ක්‍රීඩා තෝරා ගැනීමේ කමිටුව පහත දැක්වේ.

ඩී. උපාලි කුමාරසිරි මහතා (සභාපති), ඩී. ඒ. දයාරත්න මහතා, රවී විද්‍යාලංකාර මහතා, සාරංගි ද සිල්වා මිය සහ ලුතිතන් කර්නල් එම්. කේ. පී. ජයසේකර මහතා.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment