නිව් ඇන්තනීස් ෆාම්ස්, FSSC 22000 සහතිකය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම මාංශ ආහාර නිෂ්පාදන සමාගම බවට පත්වෙයි

38

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය, සෞඛ්‍යාරක්ෂිත, නැවුම් සහ උසස් ප්‍රමිතියේ කුකුළුමස් නිෂ්පාදන සන්නාමයක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් පසුගියදා ජාත්‍යන්තර FSSC 22000 සහතිකය හිමිකරගැනීමට සමත්විය.

ඒ, මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ එම සහතිකය දිනාගත් පළමු සමාගම බවට පත්වෙමිනි.

පාරිභෝගිකයින් වෙත සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ කුකුළු මස් නිෂ්පාදන සැපයීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම දක්වන අවධානය සහ කැපවීම මෙම ජාත්‍යන්තර සහතිකය මගින් පිළිබිඹු කෙරේ.

FSSC 22000 සහතිකය හරහා මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය තුළ ගුණාත්මකභාවය, සෞඛ්‍යාරක්ෂිතබව සහ තිරසරභාවය පිළිබඳ නව කර්මාන්ත මිනුම් ලකුණක් හඳුන්වාදීමට සමාගමට හැකිවූ අතර, සෙසු මාංශ ආහාර නිෂ්පාදන සමාගම්වලට ද සිය නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකරමින්, සමස්ත සැපයුම් දාමය තුළ විශ්වාසනීයත්වය සහ ශක්තිමත්බව තුළින් FSSC 22000 සහතිකය හිමිකරගැනීමට එමගින් පිටුබලයක් ලබාදෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment