ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද දිනය නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත.අද පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඊට හේතු වී තිබේ.ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 237ක් ලබා නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 202ක් ඉදිරියෙන් සිටී.දිමුත් කරුණාරත්න 83, දිනේෂ් චන්දිමාල් 61.ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 34ක් සහ ධනංජය ද සිල්වා නොදැවී 34ක් ලෙස ලකුණු ලබා සිටිති.නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 340ක් ලබා ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 305ක් ලබාගත්තේය.
|