සජිත් සංවිධායකලාට කොළඹ එන්න කියයි

92

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකයන් කොළඹට කැඳවා ඇත.

එම සංවිධායකයන් පසුගිය 24 දා සිට සජබ ප්‍රධාන කාර්යාලයට දිස්ත්‍රික්ක වශයෙන් වෙන වෙනම කැඳවා තිබේ.

මෙම සතිය පුරාම එම සංවිධායකයන් කැඳවා විවිධ දැනුවත් කිරීම් සිදු කෙරෙන බව සජබ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට සඳහන් කළේය.

අකිත පෙරේරා


advertistmentadvertistment