සමාගම් 30කට හිතුමතේ බෙහෙත් ගෙන්වන්න දීලා

100

නිසි ආරක්ෂිත ක්‍රමවේද සහ තත්ත්ව පිරිස්සුමෙන් තොරව සමාගම් තිහකට පසුගිය කාලයේ දී විවිධ අවස්ථාවලදී මෙරටට ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදී ඇතැයි නවතම විගණන වාර්තාවක දැක්වේ.

2022 වර්ෂයේ සැප්තැම්බර් 16, ඔක්තෝබර් 21, නොවැම්බර් 18 සහ දෙසැම්බර් 29 යන දිනවලදී රැස්ව ඇති ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ සම්බන්ධයෙන් තමන් වග නොකියන බව සඳහන් කරමින් අදාළ දිනවලදීම අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ගෙන ඇති බවද වාර්තාවේ සඳහන්ව තිබේ.

සාමාන්‍යයෙන් ඖෂධ ගෙන්වීමේදී රසායනික නාමයට පමණක් ලියාපදිංචි අත්හැරීමේ ලිපි නිකුත් කරන නමුත් හිටපු විධායක අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ මණ්ඩලය පෞද්ගලික සමාගම් හා පෞද්ගලික ඖෂධ සඳහා ද ලියාපදිංචි ලිපි නිකුත් කර ඇති බව විගණන වාර්තාව මගින් හෙළිකර තිබේ.

එකම සමාගමක් වෙත අවස්ථා ගණනාවකදීම ලියාපදිංචි අත්හැරීමේ ලිපි නිකුත් කර ඇති අතර ලියාපදිංචි අත්හැරීමේ ලිපි 307ක් එම කාලසීමාවේදී නිකුත් කර ඇතැයි ද විගණන වාර්තාව පෙන්වා දෙයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment