සමාව ගන්න දෙයක් නෑ – පොලිසිය කියයි

371

විරෝධතා පා ගමනක් සිදුකළ ගුරුවරුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවේ පොලිස් ආඥා පනතේ නීතිවලට අනුකූලව බවත් එබැවින් එම ප්‍රහාරයන් පිළිබඳව ගුරුවරුන්ගෙන් සමාව නොගන්නා බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

මෙම පිරිස මාර්ග ගමනා ගමනය අවහිර වනසේ මෙසේ උද්ඝෝෂණ කරමින් පෙළපාලි යද්දී ඔවුන්ට පොලිසිය කරුණු පහදා දුන්නත් එය පිළිනොගෙන දිගින් දිගට ම මාර්ගය අවහිර වන ලෙස කටයුතු කිරීම නිසා ජල ප්‍රහාර මෙන්ම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් පොලිසිය කියයි.

තවද කඳුළු ගෑස් එල්ල වූ පිරිසට ඇස් සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් පොලිසියෙන් ලබාදී තිබූ බවද ජල ප්‍රහාරක රථයෙන් කාන්දු වෙන ජලයෙන් ඇස් සෝදා ගැනීමට මෙන්ම ඒ අසල මාර්ගයේ වතුර බේසමක් තැබීමට තරම් පොලිසිය මානුෂීය වූයේ යැයි ද පොලිස් නිලධාරියා පැවසීය.

නීතියෙන් බැහැරව අප ක්‍රියාකළේ නැහැ. අප කළේ නීතිය අනුව යැයි ද හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment