සමෘද්ධියේ සිටි ලක්‍ෂ 8 කට අස්වැසුමෙන් හුළං

95

මේක හෙණ ගහන අපරාධයක් – ජගත් කුමාර

අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධිලාභීන් හරි අඩකගේ සහනාධාරය කපාහැර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙතෙක් සමෘද්ධි සහනාධාරය ලැබූ ලක්‍ෂ අටකට 2024 ජනවාරි මාසයේ සිට එම සහනාධාරය අහිමිවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේක හෙණ ගහන අපරාධයක්. අමාරුවෙන් ජීවත්වෙන්න හදන මිනිසුන්ගේ සහනාධාරය කපාදමා එය කාට දෙන්නද හදන්නේ. එනිසා ආණ්ඩුව මෙය වහාම නිවැරදි කරගත යුතුයි. එහෙම නොවුණහොත් ආණ්ඩුවේ ඉන්න අපටත් ජනතාව හෙණ ඉල්ලනවා යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

සමෘද්ධි බැංකු පසුගිය වසරේදී බිලියන 12 ක ලාභයක් උපයා ඇතැයි ද එවන් සේවාවක් සිදුවන සමෘද්ධි ව්‍යාපාරය පැත්තකට දමා අස්වැසුම හරහා ආණ්ඩුව අවුල් ජාලාවක් ඇතිකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment