ක්‍රිස් අද සිට ක්‍රිස්ට එකතු වෙයි

272

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක් අයන්ස්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව ඔහු පෙරේදා (01 වැනිදා) සිට ඉදිරි වසර 2 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතුවීමට ප්‍රථම ක්‍රිස්, එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ විද්‍යා හා වෛද්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට අමතරව එම ක්‍රීඩා සමාජයේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා වශයෙන්ද කටයුතු කළේය.

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟද කටයුතු කර ඇති නව භෞත චිකිත්සකවරයා, එංගලන්ත කණ්ඩායම ඔස්ටේ්‍රලියාවේ කරන ලද එක්දින තරග සංචාරයකදී එම කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබේ. ඊට අමතරව එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද වේග පන්දු යවන්නන්ගේ වැඩසටහනකදීද භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සම්බන්ධවීමෙන් පසු ක්‍රිස්ගේ පළමු නිල තරගය අද (03 වැනිදා) ආරම්භ වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ එංගලන්තයේ ක්‍රිස් සිල්වර්වුඩ් ය.

advertistmentadvertistment
advertistmentadvertistment