සිරිපාලත් අර්බුදයක

815

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කිරීම පිළිබඳව මේ වනවිට එම පාර්ශ්වයෙන්ම අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු එම ධුරයෙහි කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා මෙම අර්බුදය හටගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් චන්ද්‍රිකා පාර්ශ්වය විසින් නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයා ලෙස සිටින ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කිරීමට කටයුතු කර තිබුණි.

එම තත්ත්වය නිසා පක්ෂයේ ඉදිරි කටයුතු කරගෙන යෑම අර්බුදයක් වී ඇතැයි ද වාර්තා වෙයි. පසුගියදා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ ද පිහිටුවා ගැනීමට පැවැත්වූ රැස්වීම ද පවත්වාගෙන යෑමට නොහැකි වී ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment