මෝටර් රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට

254


නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියේ කොග්ගල ප්‍රදේශයේ දී මොටර් රථයක් ගැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් තුවාල ලබා ඇත.

කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 200ක් දුරින් පිහිටි කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය දක්වා මෝටර් රථය දුම්රියේ පැටලී ඇදි ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment