මීට පස්සේ ජිනීවා යන්නේ නෑ

810

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු තවදුරටත් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත රැගෙන නොයෑමට රජය තීරණය කර ඇත.

රජය විසින් පිහිටුවා ඇති සත්‍ය සහ සහජීවනය පිළිබඳව කමිටුව මගින් රටේ අභ්‍යන්තර ගැටලු සම්බන්ධව සාකච්ඡා කර ඊට විසඳුම් ලබාදීමට අවධානය යොමුකර තිබේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත පිහිටුවනු ලැබූ මෙම සත්‍ය සහ සහජීවනය පිළිබඳ කමිටුවේ සභාපති ධුරය නීතිඥ අසංග ගුණවර්ධන මහතා විසින් දරනු ලබයි. ඒ අනුව සෑම වසරකම ජුනි මාසයේ ජිනීවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවේ සහජීවනය සහ මානව හිමිකම් කඩවීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් වන අතර ඒ සම්බන්ධව විසඳුම් තීරණය කරන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසිනි.

මෙය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑමක් බවද රජයේ ඉහළ පෙළේ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment