සිසුන් 100 ට අඩු පාසල් වැසී යෑමේ අවදානමක් – ස්ටාලින් කියයි

80

පවතින ගුරු හිඟය හේතුවෙන් සිසුන් 100 ට වඩා අඩු පාසල් වැසී යෑමේ තර්ජනයකට ලක්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (28 දා) පැවසීය.

ආණ්ඩුව පාසල් වැසීමට ද සැරසෙන්නේ යැයි ද හෙතෙම විමසීය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කියා සිටි අතර, මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේ ද කීය.

ලංකාවේ පාසල් දසදහස් එකසිය හැත්තෑහයෙන්, තුන්දාහකටත් වැඩි පාසල්වල ළමයින් දාහකටත් වඩා අඩු සංඛ්‍යාවක් ඉන්නේ. ළමයි 100 කටත් අඩු පාසල් සම්පූර්ණයෙන්ම වැහෙන තත්ත්වයට පත් වෙලයි තියෙන්නේ යැයි ඔහු කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment