කෘත්‍රිම බුද්ධිය මිනිස් ශ්‍රමයට අභියෝග කරයි

326

AI තාක්ෂණය හා එහි ක්‍රියාන්විතය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ, සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ක්‍රිෂාන් සිරිවර්ධන මහතා සමග සිදු කරන ලද සංලාපයකි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට AI තාක්‍ෂණය කුමන ක්ෂේත්‍ර සඳහා භාවිත වේද ?

Artificial Intelligence පොදුවේ හඳුන්වන්නේ AI කියලා. සිංහලෙන් අපි භාවිත කරන්නේ කෘතිම බුද්ධිය යන වචනය. ශාස්ත්‍රඥයන් අතරේ යම් කිසි සංවාදයක් තියෙනවා මේකද වඩාත්ම ගැළපෙන වචනේ යන්න පිළිබඳව.

ශ්‍රී ලංකාව බටහිර රටක් නොවීම ලෝකයේ “දියුණු යැයි සම්මත” රටවල් අතරට අයත් නොවන රටවල්වලට යම්කිසි සීමාවල් තිබුණා තාක්‍ෂණයට අවතීර්ණ වීමේදී. නමුත් අපි දන්නවා යම් යම් සීමාවල් මධ්‍යයේ වුවත් අපේ රට තුළ මේ තාක්‍ෂණය ප්‍රබලව භාවිත වෙන වග. කර්මාන්ත ක්ෂේත්‍රය තුළදී ව්‍යාපාර ක්ෂේත්‍රය තුළදී ඔවුන් මේ දේවල් අත්හදා බලමින් මේ තාක්‍ෂණය භාවිත කරනු ලබනවා. ඒ නිසා ශ්‍රී ලංකාව වැනි රටක් තුළත් අපි දකිනවා AI තාක්‍ෂණය පාවිච්චි වෙන ආකාරය. නමුත් මම මෙහිදී දකින දෙයක් තමයි අපේ ක්ෂේත්‍රයන් තුළදී අවශ්‍යතා අනුව කොයි තරම් දුරට පාවිච්චි වෙනවාද කියන එක ගැටලුවක්. ලංකාවේ මේ තාක්‍ෂණය භාවිත කිරීමේදී යම් කිසි ප්‍රශ්නයක් මතුවෙනවා. උදාහරණයක් විදියට අපේ රටේ තාමත් සමහර ආයතනයන්වල Online හරහා අදාළ වැඩේ සිදු කිරීමට හැකියාව තිබුණත් Online Application එක Submit කරලත් සමහර අවස්ථාවන් වලදී Hard Copy එකක් යැවිය යුතු වෙනවා. මොකද තාම විශ්වාසයක් තියෙනවා Hard Copy එකක් යැව්වාම තමයි ඒකෙ නිල භාවයක් තියෙන්නේ යන වග. නමුත් පොදුවේ ගත් කල පසුගිය වසර කිහිපය තුළදී AI තාක්‍ෂණය විවිධ ක්ෂේත්‍රයන් තුළදී පාවිච්චි කිරීමේ යම් ප්‍රවණතාවයක් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රය ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රය තුළදී සහ තරුණ ප්‍රජාව මේ සඳහා විවෘත වීමක් අපි දකිනවා.

(4) AI තාක්‍ෂණය භාවිතය තුළින් මතුවිය හැකි ධනාත්මක බලපෑම් මොනවාද?

ධනාත්මක බලපෑම් පිළිබඳ කතා කරද්දී මිනිසුන්ට කාලය සම්බන්ධයෙන් විශාල වශයෙන් ප්‍රතිලාභ තියෙනවා. මිනිස්සු ජීවත් වන සමාජ සන්දර්භය ඇතුළේ කාලය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම Digital Assistant, ඇමසන්, Ciri, Google Assistant මේ දේවල් හරහා ගොඩක් වෙලාවට මිනිසා භෞතිකව කාලය වෙන් කරපු දේවල් යන්ත්‍ර සූත්‍ර භාවිත කරලා සිදු කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. AI හරහා ලැබෙන අවස්ථාවක් තමයි අපට කැමැත්තට චිත්‍රපටයක් බලන්න අවශ්‍ය වුණොත් අද වෙනකොට ලෝකයේ විශාල ප්‍රමාණයක චිත්‍රපට තියෙනවා. විවිධ ශානර වල චිත්‍රපට අද වෙනකොට ලෝකයේ පවතිනවා. මෙතනදී Netflix වගේ දේවල් භාවිතා කරලා අපි චිත්‍රපට කිහිපයක් බලද්දී අපේ කැමැත්තට ගැළපෙන විදියට තමයි ඊළගට චිත්‍රපට Suggest කරන්නේ. මෙහිදී මිනිසුන්ට චිත්‍රපට සොයන්න යන වෙලාව අඩු වෙනවා. තමන්ට වඩාත් ගැළපෙන දේවල් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා.

ලෝකයේ මේ වෙනකොට සමාගම් කීපයක් විසින්ම ස්වයංක්‍රීයව දේවල් කොයිතරම් දුරට සිදු කරන්න පුළුවන්ද යන්න අත්හදා බැලීම සිදුකරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මිනිසුන්ට කාර්යෂමව අඩු කාලයකින් දේවල් කර ගැනීමේ හැකියාව මේ හරහා උදා වෙලා තියෙනවා. ඒ හරහා මූල්‍යමය වශයෙනුත් මිනිසුන්ට ප්‍රතිලාභ අත්විදීමේ ශක්‍යතාවක් තියෙනවා.
AI තාක්‍ෂණය නිසාවෙන් මිනිසුන්ට උදාවන නව රැකියා අවස්ථා මොනවාද? ඒ පිළිබඳ යම් අදහසක් දැනගන්න කැමතියි.
AI වගේ දේවල් නිසා කාර්යයන් පහසු වීමේදී අපිට සම්පූර්ණයෙන්ම තාක්‍ෂණයට දොර වසාගෙන හුදෙකලාව ජීවත් වීමට නොහැක. වැදගත් වෙන්නේ අපි කොහොමද අනුගත වෙන්නේ කියන එක. අන්තර්ජාලය විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වගේ දේවල් වර්ධනය වීමේදී ගොඩක් අය කියපු දෙයක් තමයි සාම්ප්‍රදායික මාධ්‍ය කර්මාන්ත අවසන් වෙනවා කියන එක. නමුත් අපි දන්නවා මේ වෙනකොට රූපවාහිනීයේ ගුවන්විදුලි මාධ්‍යයේ හිටපු පිරිස තමන් කලින් ඒ මාධ්‍ය තුළ ගත්තා වූ වැටුපට වඩා වැඩි මුදලක් You Tube හරහා ලබා ගන්නවා. ඒ නිසා කිවයුතු දෙයක් තමයි රැකියා අහිමි වීම කියන එක යථාර්ථයක් කලින් 10 දෙනෙක් එකතු වෙලා කරපු Data entry වගේ රැකියා එක්කෙනෙක් AI Tools පාවිච්චි කරල සිදුකරන තැනට පත්ව තියෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ අපි කොහොමද Tools පාවිච්චි කරලා අලුත් දේවල් කරන්නේ කියන එක. ධනාත්මකව කතා කර යුතු දෙයක් තමයි මේ හරහා අපට කරන්න පුළුවන් කියන එක. තාක්‍ෂණය විසින් අපට ලබා දෙන අවස්ථාවන් කොහොමද පාවිච්චි කරන්නේ කියන කාරණාව. මේ වෙනකොට ඇමසන් වගේ සමාගම් තමන්ගේ Deliver Service වලට ඩ්‍රෝන් වගේ දේවල් පාවිච්චි කිරීම සම්බන්ධව අත්හදා බැලීම් සිදු කරනු ලබනවා. මෙතනදී මිනිසුන් කරපු කාර්යයන් අඩු වුණත් සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයා කියන කෙනාව නැති කරන්න පුළුවන් කියන කාරණාව සිතීමට නොහැක. මොකද මනුෂ්‍යයා සතු ගුණාංග සහ මේ ශිෂ්ටාචාරයේ පදනම වෙන්නේ මනුෂ්‍ය වර්ගයා නිසා. ඒ නිසා මම හිතන්නේ තාක්‍ෂණයේ විභවතාවන් හඳුනාගෙන අපි කොහොමද අලුතෙන් අවස්ථාවන් උත්පාදනය කර ගන්නේ කියන කාරණාව පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වෙනවා.

AI තාක්‍ෂණය භාවිතය නිසා උද්ගත වෙලා තියෙන ගැටලු මොනවාද ?

විශේෂයෙන්ම AI නිසා විශාල පිරිසකට රැකියා අහිමි වීමක් දැක ගන්න පුළුවන්. බටහිර රටවල විතරක් නෙවෙයි අපේ රටවලත් ක්ෂේත්‍ර කිහිපයකම රැකියා අහිමි වීමේ ප්‍රවණතාවක් අපිට දැක ගන්න පුළුවන්. AI ගැන තියෙන තවත් විවේචනයක් තමයි AI තාක්‍ෂණය හරහා තීරණ ගැනීමේදී Machine learning දේවල් හරහා ඒවා කොතරම් දුරට විනිවිද භාවයක් තියෙනවාද කියන එක. විනිවිද භාවය ගැන ගැටලු පවතිනවා.

මේ හරහා ඇති වෙන තවත් විශාල ප්‍රශ්නයක් තමයි පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය පිළිබඳ ඇති වන ගැටලු.

පසුගිය කාලයේදී විශාල සාකච්ඡාවට ලක් වුණ දෙයක් තමයි AI පාවිච්චි කරලා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අනුකරණය වන ඒ පුද්ගලයන්ගේ රූප හා සමානව ඡායාරූප වීඩියෝ පට නිර්මාණය වීම. මෙතනදී ඇති වෙලා තියෙන දෙයක් තමයි යථාර්ථය සහ ව්‍යාජය අතර තියෙන සම්බන්ධය. යථාර්ථය මොකක්ද බොරුව මොකක්ද සම්බන්ධයෙන් ගැටලු ඇති වෙලා තියෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතුවෙලා තියෙනවා. සයිබර් Security වගේ දේවල් නිසා. මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයක් හඳුන්වා දෙන්න පුළුවන්.

● සටහන – නිලූෂි නිලුනිකා
ජනසන්නිවේදන අධ්‍යනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment