සුදු අප්පච්චි නාග්පූර් යයි

343

ප්‍රවීණ මාධ්‍යවේදී හා චිත්‍රපට අධ්‍යක්ෂක රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ “සුදු අප්පච්චි”‍ චිත්‍රපටය මෙම 28 සිට 30 දක්වා ඉන්දියාවේ නාග්පූර් හි පැවැත්වෙන විදර්භා ජාත්‍යන්තර සිනමා උළෙලේ නිල තිරගත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත.

මෙය රොඩ්නිගේ තුන්වැනි සිනමා නිර්මාණය වන අතර එහි ප්‍රධාන චරිත සුප්‍රකට වේදිකා නළු ගාමිණී සමරකෝන්, ඉෂාර වික්‍රමසිංහ, රූපා පතිරණ, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, කැලු‍ම් ධර්මදාස, රංජිත් රණසිංහ නිරූපණය කරති.

අවිශ්ක විජේරත්න, අරෝෂ විජේරත්න,නිෂේධ ජයසිංහ යන ළමා නළුවන් හඳුන්වා දෙනු ලබන්නේ සුදු අප්පච්චි චිත්‍රපටයෙනි.

සුදු අප්පච්චි නාග්පූර් යයි
අධ්‍යක්ෂ රොඩ්නි විදානපතිරණ

මහේන්ද්‍ර සේනාරත්න කැමරාකරණයෙන්, පසත් සමරවීර සංස්කරණයෙන් හා සජීවිකරණයෙන් දායක වූ මෙහි සංගීතය විශාරද මනෝජ් පීරිස් විසිනි. මෙහි ගීත ගායනය කීර්ති පැස්කුවල් සමග ළමා ගායක ගායිකාවන් වන සදෙව් සන්තුල,තරුදිනි මෙත්සයුරි,කිත්මිණී ජයතුංග,තේනුක අලගියවන්න විසිනි.

ශ්‍රී ලංකාවේ ඈත ගමකට පැමිණෙන අභිරහස් පුද්ගලයෙක වටා දිවෙන ‘සුදු අප්පච්චි‘ චිත්‍රපටයෙන් ග්‍රාමීය ජීවිත පිළිබඳවත් ඔවුන්ගේ විවිධ මති මතාන්තර පිළිබඳවත් සාකච්ඡාවට ලක් කෙරෙයි. මෙය ශ්‍රී ලංකාවේ ගල්ගමුව ප්‍රදේශයේ සහ ඉතාලියේ ප්‍රධාන නගර කීපයක රූගත කෙරිණ.ඉතාලි කැමරාකරණය සඳුන් හේවගේ විසිනි.

රොඩ්නි මීට පෙර ඉර සේවය සහ හිම තාරකා යන චිත්‍රපට රිදී තිරයට එක් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment