සුනාමිය මෙරටට කඩාවැදී හෙටට වසර 17 යි

1756

⋆ ශ‍්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව 31225
⋆ අතුරුදන් සංඛ්‍යාව 4098
⋆ ලොව පුරා මියගිය සංඛ්‍යාව 2,25000යි

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමියට හෙටට වසර 17 කි.

රිච්ටර් මාපකයේ 9.1 -9.3 අතර සටහන් වූ මේ සුනාමිය රකුසකු ලෙස රටවල් රැසකට කඩා වදිද්දී ඉන් ගැලවීමට විශාල ජනසමූහයකට නොහැකි විය.

මෙම බලගතු සුනාමියෙන් මෙරට 30,000කට අධික ජනකායක් මරුමුවට පත් වූහ. අම්පාර ප‍්‍රදේශයේ පමණක් 10,000කට අධික පිරිසක් මියගිය බව වාර්තාවේ. සුනාමිය මුහුදු වෙරළින් රට තුළට කඩා වැදීමෙන් මගීන් 1700ක් රැගත් දුම්රිය ද ගොදුරු විය.

සුනාමියෙන් 4093ක් අතුරුදන් වූ අතර 21141ක් තුවාල ලැබූහ. ඇමෙරිකානු රජය දියාගෝ ගාර්ෂියාවේ සිට නැව් තුනක් සහ මැරයින් භටයන් 2000ක් ශ‍්‍රී ලංකාවේ නිරිත දිග වෙරළට එවනු ලැබීය.

මෙම මැරයින් බළකායට මුහුදේ සිට ගොඩබිමට පැමිණිය හැකි විශේෂ වූ රථ ද අයත් විය. කොළඹ සිට ගාල්ල වෙත ධාවනය වූ දුම්රිය අම්බලන්ගොඩදී නතර කර ගැනීමට බලධාරීන් උත්සාහ කළත් ඒ වනවිට දුම්රිය පිටත්ව තිබුණි. මෙම සුනාමියට මුල්වූයේ දෙසැම්බර් 26 වැනිදා ඉන්දුනීසියානු වේලාවෙන් 7.58ට සිදු වූ බරපතළ භූචලනයයි.

ඉන්දුනීසියාව අසල පෘථිවිය තල හා ඉන්දීය කලාපයේ තල එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම භූචලනය ගැන ඇමෙරිකානු භූ චලන ආයතනය අනතුරු අඟවා තිබුණත් ඉන්දුනීසියානු සාගරයේ පිහිටි රටවල් රැසක් සඳහා අනතුර ගැන දැන්වීමට නොහැකි විය. මේ භූචලනය විනාඩි 8 ත් 10ත් අතර පැවැති බව වාර්තා විය.

සුනාමිය මෙරටට කඩාවැදී හෙටට වසර 17 යි

එසේම ඉන් ඇති වූ සුනාමියේ බලය ඇමෙරිකාව විසින් හිරෝෂිමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් 1808 වරක් බලසම්පන්න බව සාගර විද්‍යාඥයෝ හෙළි කළහ.

සුනාමිය මෙරට නිරිත දිග වෙරළට කඩා වදින අවස්ථාවේ වාහන රැසක් ගාලූපාරේ ධාවනය විය. එම වාහන මුහුදට ගසාගෙන ගොස් අතුරුදන් විය.

සුනාමියෙන් වසරටක පසු නිරිත දිග මුහුදු වෙරළේ විසිතුරු මසුන් ඇල්ලීමට ගිය ධීවරයන්ට මුහුද යට තිබී වාහන කිහිපයක් දක්නට ලැබිණි.

මෙම සුනාමිය නිසා ජගත් මුහුදු මට්ටම මිලිමීටර් 0.1කින් ඉහළ ගොස් ඇතැයි හෙළි විය.

ජපානයට ද සුනාමිය කඩා වැදීමේ හේතුවෙන් වාහන විශාල සංඛ්‍යාවක් විනාශ විය. ගාලූ නගරයටද සුනාමිය කඩා වැදුණි. එකවරක් ගොඩබිමට පැමිණි මුහුදු රැල්ල බැලීමට ගිය පිරිසක්ද ගාලූ හෝටලය අසල සුනාමි රැලී බැලීමට ගිය දේශීය සංචාරකයන් පිරිසක්ද 2 වැනිවර පැමිණි සුනාමි රළ මාලාවන්ට ගොදුරු විය. මෙම සුනාමි විපතින් මඩිය තරකරගනු ලැබුවේ කොටි සංවිධානයයි. ලැබුණු ආධාර කොටි භාණ්ඩාගාරයට බැරවූ බව පසුව අනාවරණය විය. තායිලන්තය ඉන්දුනීසියාවේ අචේ ප‍්‍රාන්තය තමිල්ණාඩුවේ චෙන්නායි වෙරළට ද සුනාමියෙන් බරපතළ හානි පැමිණුණි.

මේ සුනාමිය මැඩගස්කරය දක්වා ව්‍යාප්ත වූ බව අනාවරණය විය. සුනාමිය කඩා වදින අවස්ථාවේ අනතුරු ඇඟවීමේ බෝයා පද්ධති සාගරයේ ස්ථාපිතවී නොතිබුණි.

සුනාමි විපත සිදු වී වසර 17 ක් (හෙටට) දෙසැම්බර් 26දාට යෙදෙන අවස්ථාවේ අංක 50 දරන ගාලූ කුමාරි දුම්රිය අතරමඟ නතර කර ගැනීමට නොහැකි වූයේ නිසි පණිවුඩ පද්ධතියක් ක‍්‍රියාත්මක නොවීමය.

සුනාමිය මෙරටට කඩාවැදී හෙටට වසර 17 යි

යුද හමුදාව ප‍්‍රමුඛ ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සුනාමියෙන් විපතට ලක් වූ දුම්රියට යන අවස්ථාවේ මැදිරි කීපයක්ම පෙරළී ගොස් තිබුණි. ඇතැම් මැදිරිවල අසුන්වල මැරි සිටි සිරුරු රැසක් විය. මෙම දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නතර කර ගැනීම සඳහා දුම්රිය ස්ථානාධිපති දුරකථනය අමතනු ලැබූවත් ඒ වනවිට ඔහු දුම්රියෙන් ගෙන ආ කිරි හට්ටි ගණන් කිරීමේ යෙදී සිටි බව වාර්තා විය.

සුනාමියට ගොදුරු වූ දුම්රිය වෙත දුම්රිය ඉංජිනේරුවෝ යනවිට බරපතළ ප‍්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වී ඇත. ඒ දුම්රිය මැදිරි පොල් ගස් අසල සිර වී තිබීම නිසා පොල් ගස් 34 ක් කපා දැමීමට සිදු විය. ඉන්පසුව 2005 ජනවාරි 10 දා වනවිට පෙරළී තිබුණ මැදිරි විශාල දොඹකරවල ආධාරයෙන් රේල් පාරට ගැනීමට දුම්රිය ඉංජිනේරුවෝ කටයුතු කළහ. 2008 දෙසැම්බර් මස අවසානය වනවිට සුනාමි දුම්රිය එන්ජිං යථාතත්ත්වයට පත් කිරීමට ඉංජිනේරු කණ්ඩායම සමත් වූහ.

සුනාමිය දකුණු දිග දුම්රිය මාර්ගයේ සැතපුම් 50ක කොටස් මුළුමනින්ම විනාශ කර තිබූ බවද හෙළි විය.

මේ සිද්ධිය මෙරට දුම්රිය ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම සිද්ධියයි. සැතපුම් දහස් ගණනක් දුර සිට සැතපුම් 500ක වේගයෙන් පැමිණි සුනාමියට දුම්රියක් විනාශ කිරීමට හැකිවේ යැයි කිසිවකුත් නොසිතූහ.

ඉන්දුනීසියාව අසල සිදු වූ භූචලනය නිසා සුනාමි රළ මාලාව අඩි 100කට වඩා උසින් පැමිණියේ අචේ ප‍්‍රාන්තයට බව ද හෙළි විය. මෙම සුනාමි රළ මාලාවන් ජෙට් යානාවක වේගය මෙන් පැයකට සැතපුම් 500ක වේගයෙන් ගමන් කර ඇත. සංඛ්‍යා ලේඛනවලට අනුව 230000කට අධික ජන සමූහයක් සුනාමියට ගොදුරු වූ බවට වාර්තා වූවත් මියගිය සංඛ්‍යාව 300,000කට වැඩි බවද නිලනොවන වාර්තාවල සඳහන් විය. ඉන්දුනීසියානු භූචලනය සිදුවීමත් සමඟම සුනාමිය අධික වේගයෙන් සම්ප‍්‍රාප්ත වූයේ ඉන්දුනීසියාවේ බන්ටා අචේ ප‍්‍රාන්තයයි. එම බන්ටා අචේ ප‍්‍රාන්ත නගරයේ 300,000කට අධික පිරිසක් වාසය කළහ.

සුනාමි රළ මාලාවක් කඩාවදින අවස්ථාවේ තායිලන්තය වැනි රටවල සංචාරකයෝ සුළංඔරු ක‍්‍රීඩාවේ නිරතව සිටි බවද වාර්තා විය. මෙම සුනාමිය ගැන සතුන්ට ඉවක් තිබුණි. ශ‍්‍රී ලංකාවේ යාල ප‍්‍රදේශයේ කිසිදු සතෙක් ඊට ගොදුරු වූයේ නැත.

සුනාමිය මෙරටට කඩාවැදී හෙටට වසර 17 යි

ශ‍්‍රී ලංකාව, තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවල වෙරළබඩ ජනතාවට පවා මෙම බිහිසුණු සුනාමියෙන් ආගමනය වසංවී තිබුණි.

ඉන්දුනීසියාවේ 27000ක් අතුරුදන් වී ඇතැයිද වාර්තා විය. මාලදිවයිනේ 82ක්ද මියන්මාරයේ 90ක්ද මරුමුවට පත් වූ බව අනාවරණය වී තිබුණි. සුනාමි භූචලනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 4500ක් ඈතින් පිහිටි සෝමාලියාවේද 176ක් මියගිය අතර බංගලදේශයේ 2ක්ද ටැන්සානියාවේ 40 ක්ද මරුමුවට පත් වූහ.

ඉන්දුනීසියානු සුනාමිය පැමිණෙන අවස්ථාවේ ඉන්දීය සාගරයේ යාත‍්‍රා කළ නැව් ගැඹුරු මුහුදේ යාත‍්‍රා කිරීම නිසා කිසිදු උපද්‍රවයක් සිදු වූයේ නැත.

මේ අතර හවායි දූපතේ සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සුනාමි රළ මාලාවක් ගැන එම මොහොතේම අනතුරු අඟවා තිබූ බවද අනාවරණය විය. මේ අතර සුනාමියෙන් පසුද ඉන්දීය සාගරයේ පිහිටි අන්දමන් දූපත් සහ නිකෝබාර් දූපත්වල භූචලන වාර්තා විය. ඉන්දුනීසියානු ලෝක්ග්නගා නගරය මුළුමනින්ම සුනාමියට ගොදුරු වීමද විශේෂ සිදුවීමකි. මෙලෙස සුනාමියට වසර 17 ක් සපිරෙන අවස්ථාවේ එකම පවුලේ සියලූ සාමාජිකයන් මියයෑමද තවත් පවුලක සියල්ලො ම අතුරුදන් වී පියා පමණක් ගැලවීමේ ඛේදනීය සිදුවීම්ද අනාවරණය විය.

225000කට වැඩි පිරිසක් මරුමුවට පත් කරමින් සිදුවූ සුනාමි ව්‍යසනය නොපෙනුන පැත්තත් වසර කීපයකට පසු හෙළි විය. ඒ සාගර පත්ලේ සිදු කරන න්‍යෂ්ටික බෝම්බ අන්හදා බැලීමේ ක‍්‍රියාදාමයයි. පෘථිවි තල එකිනෙක සම්බන්ධ වීමට බලපා ඇත්තේ මෙම න්‍යෂ්ටික පිපිරීම් යැයි විද්‍යාඥයන් පිරිසක් ප‍්‍රකාශ කර ඇත.

මෙම සුනාමි විපතේදී මියගිය සියලූ ශී‍්‍ර ලාංකික වැසියන් (දූ දරුවන් ඇතුළු සැමදෙනා) අපි සිහිපත් කරන්නෙමු.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment