සුපිරි පන්දු වාරයේදී ඕමානය පැරදූ නැම්බියාවට ලකුණු 11 ක ජයක්

68

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගයෙන් ඕමානය පරදා සුපිරි පන්දුවාරයේ දී ජය වාර්තා කිරීමට නැමීබියා කණ්ඩායම ඊයේ (3 වැනිදා ) සමත් වූයේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමානයට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 109 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාවට ද පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි.

තරගයේ අවසන් පන්දුවාරයේ දී ජය ගැනීම සඳහා නැමීබියාවට ලකුණු 5 ක් පමණක් අවශ්‍ය වූ නමුත් මෙරාන් ඛාන් යොමු කළ එම පන්දු වාරයේ දී ඔවුන්ට කඩුලු දෙකක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 4ක් පමණි.

අනතුරුව ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා සුපිරි පන්දු වාරයක් ලබා දුන් අතර, එහිදී පළමුව පන්දුවට පහර දුන් නැමීබියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21 ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස සුපිරි පන්දු වාරයේ දී ඕමානයට ලබාගත හැකි වූයේ කඩුල්ලක් දැවී ලකුණු 10 ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment