ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ 9 වැනි තරගය ලෙස ඊයේ (07 දා) රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති කැන්ඩි ෆැල්කන්ස් සහ ගාල්ල මාවරල්ස් අතර තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පරදා කඩුලු 6ක ජයක් ලබන්නට ගාල්ල මාවරල්ස් කණ්ඩායම සමත්විය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබාගැනීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 1ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 176ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් නායක වනිඳු හසරංග පන්දු 32කින් ලකුණු 65ක් ලබා ගැනීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විණි. ඊට අමතරව ඇන්ඩි්‍ර ෆ්ලෙචර් ලකුණු 50ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25ක් ලැබීය.
පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 30කට කඩුලු 3ක්, සහුරෝ ඛාන් ලකුණු 29කට කඩුලු 2ක්, ඩෙවෝන් ෆෙටෝරියස් සහ මහීෂ් තීක්‍ෂණ අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.
ටිම් ෂිෆර්ට් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවාගෙන ගිය අතර ඔහු පන්දු 49කින් ලකුණු 82ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව ඇලෙක්ස් හේල් ලකුණු 38ක් ලැබීය. පන්දු යැවීමේදී සොරිෆුල් ස්ලාම් ලකුණු 32කට කඩුලු 2ක්, වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.
ඉසුරු උදාන තරගයේ වීරයා ලෙස තිළිණ ලැබීය.
සිසිර ජයසූරිය