ආගරපතන පොලිසියේ පැමිණිලි පොතක් ගිනි තියලා

510

සැරයන්ගේ සහ පොලිස් කාන්තාවගේ වැඩ තහනම්

නුවරඑළිය ආගරපතන පොලිසියේ පැමිණිලි පොතක් බැරක්කය තුළ ගිනි තැබීමේ සිද්ධිය පිළිබඳව සැරයන්වරයකුගේ සහ ආධුනික පොලිස් කාන්තාවකගේ සේවය තහනම් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.

මෙම පැමිණිලි පොත ගිනිතබා ඇත්තේ පොලිස් කාන්තාවගේ බැරැක්කය තුළදී බව පොලිස් ආරංචිමාර්ග කියයි.

මෙම පැමිණිලි පොතේ කොටසක් ගින්නෙන් පිලිස්සී නොතිබුණ බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය පිළිබඳ අදාළ පොලිස් කාන්තාව පවසා ඇත්තේ පොලිසියේ සැරයන්වරයකු මෙම පොත ගිනි තැබීමට තමාට උපදෙස් දුන්බවය.

එහෙත් පොලිස් සැරයන්වරයා මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇත. සිද්ධිය පිළිබඳව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ විමර්ශනයක් කරගෙන යයි.

ගිනිබත් කිරීමට සලස්වා ඇත්තේ සුළු පැමිණිලි පොත බව ද පොලිස් පරීක්‍ෂණවල දී අනාවරණය වී තිබේ.

කිසියම් පැමිණිල්ලක් යටපත් කිරීමේ අරමුණ ඇතිව මෙම පැමිණිලි පොත ගිනි තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment