සේපාල් අමරසිංහ 10 දා තෙක් රිමාන්ඩ්

161

දළදා වහන්සේට අපහාසයක් වන පරිදි ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ නමැත්තා ලබන 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (06 දා) නියෝග කළාය.

ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබුණි.

සැකකරු විසින් සිදුකර ඇති එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත්, ජාතික හා ආගමික සංහිඳියාවට බාධාවක් වන එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු රටේ ජනතාව අතර මහත් කැළඹීමක් ඇති වී ඇති බවත් පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් මෙම නියෝගය කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment