ඡන්දය වළක්වන්න අලි පොහොට්ටු ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තියෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටුවනදී කියයි

62

රජය මැතිවරණවලට මුහුණ දෙන්නේ නැහැ. ඡන්දවලින් රජය පරාජය කිරීමට පෙළගැසී සිටින නිසා ඡන්දය වළක්වන්න අලි පොහෙට්ටු ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ඇතැයිද, එයින් ජනතාවට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොමැති වන්නේ යැයිද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා

පසුගිය(12)දා හම්බන්තොට කටුවනදී පැවසීය. ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් මෙසේද පැවසීය.

මැතිවරණ පවත්වන්න සල්ලි නැහැ කියනවා. 2023 අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන් කරලා පළාත් පාලන මැතිවරණයටයි, ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්දය පැවැත්වීමට පැහැදිලි තීරණයක් ලබාදී තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාධිපතිනියට හා මැතිවරණ කෙමිසමට නියෝග කර තිබෙනවා. වැටී ඇති රට ගොඩනැගීමට

මාගේත් සමඟි ජනබලවේගයේත් දැඩි කැපවීමක් තිබෙනවා. කටුවන ප්‍රාදේශීය සභාව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉහළින්ම සමඟි ජන බලවේගය ඉහළින්ම ජයග්‍රහණය කොට සභාව පිහිටුවනවා. කටුවන ප්‍රාදේශීය සභාවේ ආසන 17ටම දක්ෂ පක්ෂ අවංක අපේක්ෂක අපේක්ෂිකාවන් 17ක් තරඟ කරනවා. ඔවුන්ගේ ජයගහණය ඔබගේ ජයග්‍රහණයයි. පළාත් පාලන මැතිවරණය ජහග්‍රහණයෙන් පසු මහා මැතිවරණයත් ඉන් ඉක්බිති පවත්වන ජනාධිපතිවරණයත් සමඟි ජන බලවේගය දිනා ප්‍රේමදාස යුගයක් ආරම්භ කරනවා. එයින් දිවයිනේ ලක්ෂ 220 ක් පමණ ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ වෙනවා. හොරකම දූෂණයෙන් තොර ජනතා පාලනයක් ඇති වෙනවා. අද මෙම රැස්වීමට දෙදහසකට අධික සංඛ්‍යාවක් පැමිණ සිටින්නේ කටුවන අවට පොදු ජනතාවයි. ඔවුනගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් කැපී පෙනෙන්නේ මුලු රටේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වාසය කරන්නේ කෘතවේදී ජනතාවක් බවයි. ජනතාවට සේවය කිරීමට මමත් සමඟි ජන බලවේගයත් ඒකායනව ක්‍රියා කරනවා. මතිවරණවලින් පසු ජනතා යුගයක් උදා කිරීමට ඔබත් දායක වන්න. මෙහිදී හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු තවත් කිහිප දෙනෙක්ම කතා කළ අතර කටුවන වැලිපිටියේ ගාමිණී දිසානායක මහතා විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදි.
කටුවන – කේ.කේ. දයාසේන

advertistmentadvertistment
advertistmentadvertistment