සේවා වියුක්තිය 5.2%ට නැගලා

194

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉකුත් වර්ෂයේ (2023) දෙවැනි කාර්තුවේ දී මෙරට සේවා වියුක්ති අනුපාතය සියයට 5.2 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ පළමු කාර්තුවේ දී මෙරට සේව වියුක්ති අනුපාතය සියයට 4.7ක් පැවැති අතර එය දෙවැනි කාර්තුව වන විට මෙලෙස සියයට 5.2 දක්වා වැඩි වී තිබුණි. එමෙන්ම ඉකුත් වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී අනෙකුත් සියලු වයස් කාණ්ඩයන් අභිබවමින් තරුණ වයස් කාණ්ඩයේ (වයස අවුරුදු 15 -24) සේවා වියුක්ති අනුපාතය සියයට 25.8 දක්වා වැඩි වී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි. එමෙන්ම ශ්‍රම බළකා සහභාගිත්ව අනුපාතය ද 2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී සියයට 48.6 දක්වා අඩු වී ඇත.

ක්‍රමයෙන් වේගවත් වනු ඇති බවට අපේක්ෂිත ආර්ථික ක්‍රියාකාරම් හේතුවෙන් 2024 වර්ෂයේ දී මෙරට සේවා වියුක්ති අනුපාතය සියයට 05කට අඩු මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment