හම්බන්තොට මාගම්පුර වරාය හමුදා නැව් තොටක් නොවේ

304

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

හම්බන්තොට මාගම්පුර වරාය වාණිජ්‍යමය අරමුණින් ක්‍රියාත්මක වන වරායක් මිස හමුදා නැව්තොටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (14 දා) දිනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවට සහභාගි වෙමිනි.

ඉන්දියානු සාගර කලාපයේ චීනය විසින් මෙහෙයුම් සිදු කරන වරාය 17 ක් පිහිටා ඇති බවත් ඒ සියල්ල වාණිජ්‍ය කටයුතු සඳහා පමණක් භාවිතා කරන බවත් මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉන්දීය සාගර කලාපයේ බලවතුන් අතර පවතින ගැටුමට ශ්‍රී ලංකාව මැදිහත් කර නොගත යුතු බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඉන්දීය සාගරයේ පිහිටීම හා භූ දේශපාලනික වැදගත්කම අනුව අවාසනාවකට මෙන් හම්බන්තොට වරාය ද ගැටුමකට මැදිකර තිබෙන බවත්, කෙසේ නමුත් එවැනි ගැටුම් සඳහා ශ්‍රී ලංකාවට අයත් වරායක් භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන බවත් ජනපතිවරයා සඳහන් කරයි.

චතුර පමුණුව, ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment