හය වසරකට පසු වවුනියාවේ ඝාතන සිද්ධියක රහස් එළිවෙයි – බිරිද හා හයමස් බිළිදා මරා නිවස අසල වළක් කපා වළලලා – විදෙස්ගතව සිට පැමිණි සැමියා අත්අඩංගුවට

572

මීට වසර පහකට ඉහතදී වවුනියාවේ මරදන්කුලම් මුරුගන් ඌර් ගම්මානයේදී ඝාතනයට ලක් වූ මවකගේ හා හය මස් බිළිෙ`දකුගේ ඝාතකයා බිරිදගේ ස්වාමිපුරුෂයා බවට තොරතුරු හෙළිවීමත් සමගම එම මළ සිරුරු වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණ නියෝග මත 8 දා යළි ගොඩ ගෙන තිබේ.

හය වසරකට පසු  වවුනියාවේ ඝාතන සිද්ධියක රහස් එළිවෙයි - බිරිද හා හයමස් බිළිදා මරා  නිවස අසල වළක් කපා වළලලා - විදෙස්ගතව සිට පැමිණි සැමියා අත්අඩංගුවට

වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් බිරි`ද හා දරුවා මරා දැමූ බව කියන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලබා ගත් පාපොච්චාරණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වළ දමා තිබූ මළ සිරුරු ගොඩගෙන පරීක්ෂණ පවත්වන ලෙසට වවුනියාව මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කොට තිබේ. වවුනියාව මුරුගන් ඌර් ගම්මානයේ පදිංචි තරුණයෙකු යාපනයේ කොණ්ඩාවිල් ප‍්‍රදේශයේ රැුකියාවකට ගොස් සිටියදී විසි හැවිරිදි පරමේස්වරන් සජින්තිකා තරුණිය සමග පේ‍්‍රම සබ`දතාවක් ඇති කර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇය ගැබ් ගෙන තිබේ. දෙමව්පියන්ගේ බල කිරීම මත ඔහු තරුණිය සමග විවාහ වී දරුවා සමග වවුනියාවට පැමිණ ඇති අතර නිවසේ ඇති වූ යම් ආරවුලක් මත ඔහු ඇයට හා දරුවාට පහර දී ගෙළ සිර කිරීමෙන් ඝාතනය කොට මළ සිරුරු දෙකට පොල් ලෙලි පොල් අතු හා භූමිතෙල් දමා ගිනි තබා නිවස අසල වළක් කපා වළ දමා ඇත්තේ 2015 වසරේ අගෝස්තු 9 වෙනිදාය. දින කීපයකට පසුව තම බිරි`ද හා දරුවා අතුරුදන්ව ඇති බවට වවුනියාව පොලීසියට පැමිණිල්ලක් කළ ඔහු තවත් මාස කීපයකට පසුව විදේශ ගත වී තිබේ. ඔහු පළමුවර විදේශ ගතවී ආපසු පැමිණ යළි විදේශ ගතවීම ගැන සැක සිතු අතුරුදන් වූ බව කී දියණියගේ දෙමව්පියන් යාපනයේ මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කොට තිබේ. මානව හිමිකම් කමිටුව විසින් වවුනියාව පොලිසියට කළ දැනුම් දීමක් මත වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස ලාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසංග ඉ`දුනිල් මහතා ප‍්‍රධාන පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීම්වලින් පසු සිද්ධිය පිළිබ`ද තොරතුරු හෙළි වී තිබේ

දිනසේන රතුගමගේ
 


advertistmentadvertistment