හිටපු ජනපති මෛත්‍රි ඇමරිකාවේ විශ්ව සාම සම්මේලන කාර්යාලයේ ප්‍රධානීන් සමග සාකච්ඡා

66

ඇමරිකාවේ විශේෂ සංචාරයක නිරත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 15 වැනිදා ඇමරිකාවේ වොෂින්ටන් ඩී. සී. හි පිහිටි විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලයේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක නිරත වූහ.

ඒ සඳහා විශ්ව සාම සම්මේලනයේ මහ ලේකම් ලැරී මොෆිට්, විශ්ව සාම සම්මේලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නියෝජිත ආචාර්ය ටැගල්ඩින් හමඩ් සහ විශ්ව සාම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනී ටොමිකො ඩුග්ගාන් යන මහත්ම මහත්මීන් සහභාගීවී තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ සහ ලෝක සාමය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් උප සභාපතිවරයා ලෙස සිදුකර තිබෙන සහ මේවන විට සිදු කරගෙන යනු ලබන සේවය වෙනුවෙන් විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලය විසින් විශේෂ සමරුවක්ද තිළිණ කර ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment