හිතවතා හිතවතිය අමනාපද මෙන්න බලගතු ගුරුකමක්

590

නූතන සමාජයේ ඇති ගැටලුවකි පවුල් ආරවුල් හැරයෑම්, ප්‍රේම සබඳතා බිඳී යාම, අනියම් සබඳතා වැනි ක්‍රියාවන් මෙවැනි ප්‍රශ්න ගැටලු යමෙකුට ඇති වූ විට මහා ලොකු මානසික ආතතියට පත්වී සමාජයීය ආර්ථික මෙන්ම සංස්කෘතික වශයෙන් ද විවිධ ගැටලු මතුවන්න පුළුවන්. වැඩිහිටි මැදිහත්වීම හෝ නීතිය මගින් මෙවැනි ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි අවස්ථාවල නොපෙනෙන බලවේගයන්වල පිහිට ආධාර පැතීම බොහෝ අය පුරුදු වී සිටි. නමුත් ඒ මගිනුත් අගතියට පත් පාර්ශ්වයට මොන විදියේ හෝ සාධාරණයක් ඉටු වේද යන්න සැක සහිතයි. සමහරු එවැනි අවස්ථාවන්වල කබලෙන් ලිපට වැටුණු අවස්ථා ගැන අප අසා ඇත්තෙමු.

දහසක් බලාපොරොත්තු සහිතව අවාහා විවාහා වූ සැමියා බිරිඳ තමා හැර යාම මොනතරම් දුරක් ගියාද තමා හැර තම පෙම්වතා පෙම්වතිය වෙනත් සබඳතා මාර්ගවලට යොමු වූවා ද ඒ සියල්ලෙන් අත් මුදා නැවත තමා සන්තකයට ගෙන්වා ගැනීමට හැකි අපූරු උත්තමය බලවේගයක් ගැන මම ඔබට අද කියා දෙන්නම්. ඒ තමයි ගුරුල්ල ලීයේ ගුරුකම, මෙය අතිප්‍රබල ගුරුකමකි. මන්ත්‍ර විධි ක්‍රියාවන්හි ශාස්ත්‍රීය අනුව සම්මත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළහොත් ඔබට අනිවාර්ය ප්‍රතිඵල සහතික කළ හැකිය. ඔබ ආධුනිකයකු නම් පළපුරුදු ශාස්ත්‍රීය දැනුම ඇති අයෙකුගේ උපදෙස් මඟපෙන්වීම අනුව හෝ සිදුකර ගත හැකිය. මෙය ඉතා සරලමුත් සංකීර්ණ වූත් ප්‍රබල ගුරුකමකි. මෙයින් ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වනු ඇත.

මෙහි මන්ත්‍රය

ඕං පාක්ක්‍ය මූලේ වීදි දිෂ්ටි රාම කට් මුදා ඉන්තෙන්දුන් උඩ උප්පේන් උලප්පු
විනකෙත්තු සූරය දුප්පේන් එන්ද සූර්ය අදුප්පේන් සම්පන්නේන ගලේනා කට්ටු
සෙල්ලුම් වට බන්ද පිට කට්ටු ආඩි මුන්නේන් දේවි කුල කට්ටු උණුපාවුලි පාවේලි
බුදුන් පානිදුන් ධාරණයෙන් සාධනී කට්ටු එස්වහඃ

මෙහි මූල මන්ත්‍රයේ නියමිත වාර ගණන 108 යි. දිෂ්ටි ප්‍රාණ පලිප්පු පරිවාර මන්ත්‍ර සහය මුල මැද අග අවශ්‍යයි. සියල්ල ශාස්ත්‍රානූකූල විය යුතුයි. හැර ගිය අය සිටින දුර ප්‍රමාණය අනුව මූල මන්ත්‍රයේ වාර ගණන වැඩි විය යුතුය. බුලත්, පුවක්, කපුරු සුවඳ, පලතුරු, පුලුටු, සහල්, පොල්, පඬුරු පුදට තැබිය යුතුය. අඩුම තරමේ දින 03ක් වත් ජපය කිරීම සුදුසු ය.

ක්‍රමවේදය

ගොක්කොළ හෝ පුස්කොළ කැබැල්ලක පිටව ගිය හෝ හැර ගිය අයගේ රුව ඇඳ නම ලියා ගුරුල්ල ලීයක් ගෙන දෙකට පලා ඒ මැදට තබා කන්‍යානූලෙන් වෙලා යහනේ තබා මතුරා අව්වේ වේලන්න. ගොක්කොළ හෝ පුස්කොළය ගුරුල්ල ලීය අඟල් 6ක් පමණ වීම සෑහේ. දිෂ්ටිය වශයෙන් ශ්‍රී රාම දිෂ්ටිය ද ගත යුතුය. පුදසත්කාර නොඅඩුව තැබීම යාම 03ක් දින 03කදී 334 වාර මැතිරිය යුතුය. නිතර නිතර දුම් අල්ලන්න. ජීවම් සිද්ධිය ලැබෙන විට ජප නූල වෙව්ලයි. ජීවම් සිද්ධිය ලැබේ. මේ බලගතු පහසු ගුරුකමක්. පිටරට සිටියත් දින 11ක් ඇතුළත හැරගිය අය පැමිණේ.

හිතවතා හිතවතිය අමනාපද මෙන්න බලගතු ගුරුකමක්

පාරම්පරික ජ්‍යොතිෂ්‍ය හා ගුප්තවිද්‍යාවේදී
කේ.එස්.එස්. යෝදීන්ගේ
දු.ක.- 077 – 2974392


advertistmentadvertistment