ලොකු බලාපොරොත්තු නෑ…- නෙහාරා පීරිස්

138

2024 කියලා ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. හැමදාමත් වගේ ම මගේ ආදරණීය සැමියා මේනක බබාලා දෙන්නා මේලි සහ නෝරි” මගේ ෆැමිලි එකත් එක්ක සතුටින්” සාමදානයෙන්” මැරෙනකන් ම ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව වෙන්නේ. වැඩිපුරම ඉතින් බබාලා දෙන්නා මේලි නිකොලා”නෝරි මරියා දෙන්නත් එක්ක ගතකරන කාලේ හරිම සුන්දරයි” හරිම කාර්යබහුලයි. එයාලගේ

වැඩ කරගෙන ඉන්නවා මම ගෙදරට වෙලා. දැන් ටිකක් දඟයි. එයාලා හැබැයි හරිම හුරතල්. ඇත්තට ම එයාලා නිසා අපේ ජීවිතය හරිම ආදරණීයව” ආසාවෙන් ගෙවෙනවා. රංගන ක්ෂේත්‍රයේ වැඩවලින් ඈත්වෙලා” බබාලත් එක්ක එයාලගේ වැඩත් එක්ක කාර්යබහුල වෙලා සතුටින් ජීවිතේ ගතකරන එක තමයි නව වසරෙත් මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම මට තවත් පෞද්ගලික බලාපොරොත්තු කිහිපයකුත් තියෙනවා. ඒවා දැන්ම ප්‍රකාශ කරන්න කැමැති නැහැ. ඒවත් ඉතින් ඉෂ්ට වුණාම කියමු” මගේ ආදරණීය රසික රසිකාවියන්ට.

චිත්‍රපටයකින් වැඩ පටන්ගන්නවා – නදීෂා හේමමාලි

ලොකු බලාපොරොත්තු නෑ…- නෙහාරා පීරිස්

මේ නව වසර ආරම්භ කරන්නෙම සිනමා නිර්මාණයකින්. තව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ “මීදුම් තරණය” සිනමාපටයේත් ගරු ආරාධනාවකින් රඟපෑමක් කළා. ඒකත් තිරගත වෙන්න තියෙනවා. තවත් චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකට ම ආරාධනා ලැබිලා තියෙනවා. ජනවාරි මුල් මාසේ මේවා පටන් ගන්නවා. ඊට අමතරව මගේ සාරි බුක් එක “කෝයල්”” ඒකේ වැඩ කටයුතුත් තියෙනවා. ඒ ඔක්කොම සාර්ථකව කරගෙන බොහොම නිදහසේ” සතුටින්” සැනසීමෙන්” විශේෂයෙන් ම නිරෝගීව ජීවත්වන එක තමයි 2024 නව වසරේ මගේ එකම සහ ලොකුම බලාපොරොත්තුව වන්නේ.

ෆිල්ම් එකක් එනවා – සචින් ලියනගේ

ලොකු බලාපොරොත්තු නෑ…- නෙහාරා පීරිස්

මේ ලබන්නා වූ නව වසරේ” පෙබරවාරි මාසයේ මගේ ෆිල්ම් එකක් රිලීස් වෙන්න තියෙනවා. ඉතින් මම බැලුවේ මේ වසරේ ගොඩක් සිනමා නිර්මාණවලින්ම එළියට එන්න. ඒත් එක්ක” ටෙලි නාට්‍යවලින් චුට්ටකට ඈත් වෙලා ඉන්න තමයි හිතාගෙන ඉන්නෙ. හැබැයි අලුත් ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙන්න තියෙනවා” ජනවාරි සහ පෙබරවාරි මාසවල. 2024 නව වසරේ මම වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ” සිනමාව පැත්තෙන් ඉදිරියට එන්න අවස්ථාවක් හදාගන්න සහ තවත් මගේ පෞද්ගලික බලාපොරොත්තුවක් තියෙනවා ප්‍රඩක්ෂන් හවුස් එකක් ආරම්භ කරන්නත්. ඒ වැඩ ටිකත් සාර්ථකව කරගෙන ඉතිං කොහොම හරි 2024 අනුන්ට කරදරයක් නොවී සතුටෙන් ජීවිතේ ගෙවන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.

2023 ස්වර්ණමය වසරක් – යුරේනි නොෂිකා

ලොකු බලාපොරොත්තු නෑ…- නෙහාරා පීරිස්

නව වසර කියලා ලොකු ලොකු බලාපොරොත්තු” ප්‍රාර්ථනා එහෙම කියලනම් නැහැ. එන එන විදිහට ඕන දේකට මුහුණ දීගෙන” පොසිටිව් විදිහට සතුටින් ජීවිතය ගතකරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ජීවිතේ එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මොකද ඒවා ඉෂ්ට නොවුණොත් ඊට වඩා ප්‍රශ්නයක් එනවා. ඉතින් කොහොම හරි හැම දවසක්ම මම මේ ජීවත්වෙන අන්තිම දවස කියලා හිතාගෙන ඉතාමත් ම සතුටෙන් ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රංගන ජීවිතයෙත් දැනට

භාරගනිපු වැඩ නම් නැහැ. හැබැයි 2023 වසර නම් මගේ වෘත්තීමය ජීවිතේ “ ස්වර්ණමය වසර” වුණා. ඉතින් ගොඩක් සතුටු වුණ මට ජීවිතයේ අමතක නොවන වසරක් වෙයි 2023 වසර. 2024ත් හොඳ දේවල් වුණොත් හොඳයි. දෛවයෙන් අපට ලැබෙන්න තියෙනවා නම් දෙයක් ලැබෙයි” නොලැබෙන්න තියෙනවනම් නොලැබෙයි. කොහොම වුණත් ජීවිතයේ දේවල් ලැබුණත් නැතත් උපරිමයෙන් ජීවත්වෙලා ඉන්න තාක්කල් සතුටින්” සැනසීමෙන් ඉන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

ලයිව් ඉන් කොන්සර්ට් එක පටන්ගන්නවා – දිමංක වෙල්ලාලගේ

ලොකු බලාපොරොත්තු නෑ…- නෙහාරා පීරිස්

මේ උදා වන 2024 අලුත් අවුරුද්දේ මගේ අලුත්ම ගීත කිහිපයක්ම එළිදක්වන්න සූදානම් කරගෙන තියෙනවා. මාර්තු මාසේ මගේ ලයිව් ඉන් කොන්සර්ට් එක පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා. ඒකට හරියට ම දිනයක් නම් තවම ස්ථිර කරගෙන නැහැ. කෙහොම හරි නව වසරේ මේ සියලුම දේවල් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. කොහොම හරි මාර්තු මාසෙ කරන්න තමයි සියලු කටයුතු ටික දැනට සූදානම් කරලා තියෙන්නේ. ඉතිං ඒ දේවලුත් එකින් එක ඉෂ්ට කරගන්න ගමන් සතුටින්” සැනසීමෙන් ජීවිතය ගෙවන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment