HNB වෙත බලයලත් ආයතනයක් (AP) බලපත්‍රය පිරිනැමීමේ අවස්ථාවේදී HNB සභාපති නිහාල් ජයවර්ධන (දකුණේ සිට තුන්වැන්නා) සහ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ සභාපති දිනේෂ් වීරක්කොඩි (වමේ සිට හතරවැනියා) යන මහත්වරු- (වමේ සිට දකුණට) කොළඹ වරාය නගරයේ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC‍) සහකාර කළමණාකාර අධ්‍යක්‍ෂ එරික් ඕයූ, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ නීති හා ආයතනික කටයුතු – වින්ධ්‍යා වීරසේකර, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ මූල්‍ය – රුවන් කරුණාරත්න, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group – දමිත් පල්ලෙවත්ත සහ HNB ආයතනික බැංකු ප්‍රධානී – නටාෂා හේ යන මහත්ම මහත්මීන්ද ඡායරූපයේ වෙයි.

ශ්‍රී ලංකා ආර්ථිකය පරිවර්තනීය වෙනසකට ලක් කරන ප්‍රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ මූල්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වෙත පසුගියදා බලයලත් ආයතනයක් (AP) ලෙස බලපත්‍රය ප්‍රදානය කරනු ලැබීය.

HNB විශේෂ ආර්ථික කලාපයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා බලපත්‍ර ලබා ගත් ප්‍රථම බැංකු අතරින් එකකි- ආයෝජකයන්ට මෙන්ම ගනුදෙනුකරුවන්ටත් බැංකු සේවා සපයමින් කොළඹ වරාය නගරය තුළ හා ඉන් පිටතට සේවා ලබා දීම සඳහා HNB වෙත අවස්ථාව ලබා දෙමින් මෙම AP බලපත්‍රය කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විසින් බැංකුව වෙත පිරිනමන ලදී.

කොළඹ වරාය නගරය යනු ස්මාර්ට් නගර සංකල්ප සමඟින් නිර්මාණය කර ඇති ඉතා සූක්ෂම සැලසුමක් සහිත නගරයකි. එය උසස්ම තත්වයේ වාණිජ, ජීවනරටා සහ නගරය තුළ ජීවත් වීමට විවිධ හැකියාවන් ලබා දෙමින් කලාපයේ නවීන සේවා මධ්‍යස්ථානය සහ අනාගත මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට නියමිතය.

විශේෂ ආර්ථික කලාපයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා බලපත්‍ර ලබා ගත් ප්‍රථම බැංකු අතරින් එකක් ලෙස තේරීපත් වීම පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ’HNB වැනි බැංකු, කොළඹ වරාය නගරයේ සංවර්ධනය ඉහළම මට්ටමේ සාර්ථකත්වය සහ ඵලදායිතාවය ලබා ගැනීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා- සපයන බව එයින් ගම්‍ය වේ. අපගේ අරමුණ වන්නේ කොළඹ වරාය නගරය තුළ ආයෝජනය කරන සහ ක්‍රියාත්මක වන සියලු‍ම ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලන ඉහළ පෙළේ ඒකාබද්ධ බැංකු විසඳුම් ලබා දීමයි-” යනුවෙනි-

advertistmentadvertistment
advertistmentadvertistment