හොරගොල්ල වලව්වේ මුරකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට

887

හොරෙන් ඇතුළු වූ අයට වෙඩි තියලා

හොරගොල්ල වලව්වට අයත් ඉඩමට අනවසරයෙන් ඇතුළු වූ අයකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම ඉඩමේ මුරකරුවන් දෙදෙනා ගිනිඅවියත් සමග නිට්ටඹුව පොලිසිය මගින් ඊයේ (12දා) අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයකු අනවසරයෙන් ඉඩමට ඇතුළු වී සිටියදී වත්තේ මුරකරුවකු විසින් පෙරේදා (11දා) සවස වෙඩි තැබීම සිදුකර තිබූ අතර, එහිදී එම පුද්ගලයා තුවාල ලබා වතුපිටිවල රෝහලටත් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා 23 හැවිරිදි අයකු බවත්, ඔහු මත්කුඩුවලට ඇබ්බැහිවූවකු බවත් නිට්ටඹුව පොලිසිය පවසයි. ඔහු තුන්වතාවක් පුනරුත්ථාපනය වී ඇති බවත් වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික සංජීව මහතා පැවසීය.

වෙඩි වැදුණු පුද්ගලයා මෙම ඉඩමට කිසියම් සොරකමක් කිරීම සඳහා ඇතුළු වී සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. මුරකරුවන් දෙදෙනා සමග අත්අඩංගුවට ගත් ගිනි අවිය බෝර 12 වර්ගයේ බලපත්‍ර සහිත ගිනි අවියක් බව ද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් මුරකරුවන් දෙදෙනා සහ ගිනි අවිය ඊයේ (12දා) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment