ෆොක්ස් හිල් මරණ ගණන වැඩිවේ

147

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.ඇය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියහ.දියතලාව පොලිස් වසමේ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි එම දැරියගේ මෘත ශරීරය මේ වනවිට බදුල්ල මහා රෝහලේ තැන්පත් කර තිබේ.2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අප්‍රේල් 21වනදා පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වූ අතර එහිදී සිදුවු මාරක අනතුරින් 7 දෙනෙකුට දිවි අහිමිවුණි.

advertistmentadvertistment
advertistmentadvertistment