19න් පහළ බාලක රන් පදක්කම ශ්‍රී ලංකාවට

85

දකුණු ආසියානු මේස පන්දු තරගාවලිය

දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 19 න් පහළ බාලක කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව පෙරේදා (28දා) සමත් විය.

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සහ දකුණු ආසියානු මේස පන්දු සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැතිණි.

වයස අවුරුදු 19 න් පහළ බාලක කණ්ඩායම් තරග ලීග් ක්‍රමය යටතේ පැවැති අතර, ඒ අනුව එහි රන් පදක්කම ශ්‍රී ලංකාව හිමිකර ගත් අතර රිදී පදක්කම බංග්ලාදේශයටත්, ලෝකඩ පදක්කම පකිස්තානයටත් හිමිවිය.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment