2009 දී ‘දොස්තර’ ඝාතනය: නෙඩුමාරන් නිදහස් කරයි

122

මෙයට වසර 16කට පෙර එනම් 2009 අප්‍රේල් 20 වැනිදා වවුනියාවේදී සුල්තාන් මොහිදින් බාවා නමැති වෛiවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කොට වවුනියාව මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කොට තිබූ ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වන සිවනාදන් ප්‍රේමනාත් හෙවත් නෙඩුමාරන් නමැත්තාව එකී දඬුවමින් නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (20දා) නියෝග කළේය.

2023.6.8 වැනිදා එවකට වවුනියාව මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළ ඉලංචේලියන් සිවනාදන් මහතා විසින් නියම කොට තිබූ එකී තීන්දුවට එරෙහිව විත්තිකරු ගොනු කර තිබූ අභියාචනාවක් විභාග කළ ශෂි මහේන්ද්‍රන් හා අමල් රණරාජා යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

විත්තිකරුට එරෙහිව 2015.12.31 වැනිදා නීතිපතිවරයා විත්තිකරුට නඩු පවරා තිබිණි. නීතිඥ ධර්මරාජා ධර්මජා මහත්මියගේ උපදෙස් මත නීතිඥ ඕෂධි හපුආරච්චි මහතා සමග ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා හා ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment