37 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල කණ්ඩායම් ක්‍රීඩා ඉසව් 05 ක් 30 දා සිට

80

37 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ තවත් කණ්ඩායම් ක්‍රීඩා ඉසව් 05 ක් බදාදා (30දා) දින සිට නොවැම්බර් 05 දින දක්වා පැවැත්වීමට සංවිධායකයන් වන අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම තරග ඉසව් අදියර 04 යටතේ පෙළ ගස්වා ඇත. ඒ අනූව වෙරළ වොලිබෝල්, බොක්සිං, මේස පන්දු, වොලිබෝල් සහ බැඩ්මින්ටන් තරග ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන) ලුතිතන් කර්නල් අනුර අබේවික්‍රම මහතා අනාවරණය කළේය.

වෙරළ වොලිබෝල් තරග ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 01 දක්වා මීගමුව වෙරළ තීරයේදී ද බොක්සිං තරග ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 04 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාගාරයේදී ද, මේස පන්දු තරග නොවැම්බර් 02, 03 සහ 04 බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ද, බැඩ්මින්ටන් තරග නොවැම්බර් 01, 02 සහ 03 කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ දී සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ද, වොලිබෝල් තරග නොවැම්බර් 02, 03, 04 සහ 05 දිනවල ද පැවැත්වේ.

මෙම සැළසුමට අනුව තරග ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) උපාලි අමරතුංග මහතා ප්‍රමුඛ සංවිධායක කමිටුව පියවර ගෙන ඇත.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment