ටිකට් එකක් ඩොලර් 25000යි
ලෝ පූජිත කාන්ස් චිත්‍රපට උළෙල 16 වැනිදා සිට ආරම්භ විය. එය 76 වන උළෙලයි. මැයි 27 දා දක්වා පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල ආරම්භ වන්නේ ටයිවෙන් අධ්‍යක්‍ෂණය කළ ජින් ඩුවාරි චිත්‍රපටයෙනි. තුර්කිය, ප්‍රංශය, ඇමරිකාව, සෙනිගාලය, ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, පින්ලන්තය, ටියුනිසියාව, ජපානය, බ්‍රිතාන්‍යය, චීනය සහ පෝලන්තය යන රටවල චිත්‍රපටකරුවන් 75ක් කාන්ස් චිත්‍රපට උළෙලට තම නිර්මාණ ඉදිරිපත් කර ඇත.
මෙවර චිත්‍රපට උළෙලේ අධ්‍යක්‍ෂකවරුන්ගේ වැඩි දෙනා අලුත් අයයි. නුරි සිලාන්, ජස්ටින් ට්‍රයිට් වෙස් ඇන්ඩර්සන්, ටොමා සයි, ජින් ස්ටෙස්කි, නානි, ටොරෙට්ටි, ඇලිස්, රොගන්ටාචර්, ජෙසිකා, ගවුස්තර්, ඇනි කට්රාසිවානි, කරීම්, අසිනුප්, චෙන් හානියා, කාගරිස්, කොර්සින් මාර්කෝ චෙලඩියෝ කැනරිස් ට්‍රේලියස්ට්, වොඩ් හේන්ස් ගිර්කායු කොරිස්ඩා, කොක් ලෝඩ් විට් වෙන්ටර්ස්, ට්‍රැම් හුන්, වැන් බින් ජොනතන් ග්ලේයර් යන පිරිස ජූරියට අයත්වේ. තරගයට ඉදිරිපත් වී ඇත.
මෙයට අමතරව තවත් චිත්‍රපට 16ක් ද තරගයට ඉදිරිපත් වී සිටිති. මෙම චිත්‍රපට උළෙලේ ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 6100 සිට 25000ක් වේ. ලක්‍ෂ පහේ සිට රුපියල් 25 ලක්ෂය ඉක්මවා ඇත. කාන්ස්හි සුපිරි හෝටලයක කාමරයක් ඩොලර් 50000 සිට ලක්‍ෂය දක්වා මිල නියම කර ඇත. මෙවර ප්‍රංශ පොලිසිය චිත්‍රපට උළෙලට දැඩි ආරක්‍ෂාව යොදා තිබේ. ඉන්දීය නිළි අනුෂ්කා ශර්මා හොලිවුඩ් නළු ගාරියන් හොට් මයිකල් ඩග්ලස් ද මෙම චිත්‍රපට උළෙලට සහභාගි වේ. ඉතාමත් දර්ශනීය පරිසරයක පිහිටා ඇති කාන්ස් චිත්‍රපට ප්‍රදර්ශන ශාලාව සංචාරක පාරාදීසයකි. මෙවර ප්‍රංශ ආරක්‍ෂක භටයන් විශාල පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී ආරක්‍ෂක කටයුතුවල නිරතවී සිටිති.
මැයි 27 දා කාන්ස් චිත්‍රපට උළෙලේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත්වේ. ජයග්‍රාහකයන්ට ඩොලර් 4400 සිට 10000 තෙක් මුදලක් පිරිනැමේ.
● කීර්ති වර්ණකුලසූරිය