“සම වයසේ ගැහැනු දරුවන්ගේ ඡායාරූප අරන් ඒ.අයි. තාක්ෂණයෙන් ඒවා නිරුවත් කර මිතුරන් අතරේ බෙදා හැරීම (ෂෙයාර් කිරීම) සම්බන්ධයෙන් අධිකාරියට පැමිණිලි ලැබෙමින් තිබෙනවා. මේ නුසුදුසු ක්‍රියාව සිදු කරන්නේ වයස අවුරුදු 13, 14, 15, 16, 17 යන වයසේ පසුවන පිරිමි දරුවන්” යැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවාය.
බොහෝ ගැහැනු දරුවන්ගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවද ඇය කියා සිටියාය.
මාදිවෙල ජාතික ළමාරක්ෂක අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ ඇය මෙසේද කීවාය.
“ඒ.අයි. තාක්ෂණය භාවිත කරලා අර සම වයසේ ගැහැනු දරුවන්ගේ නිරුවත් ඡායාරූප සකස් කරලා අන්තර්ජාලයට දැම්මේ ඇයි කියලා ඇහුවම ඒ අය කියන්නේ, ඒක අත්හදා බලන්න ජෝක් එකට කළා කියලා. ඒ පිරිමි ළමයි හා ගැහැනු දරුවන් සම වයසේ යාළුවන්. මේ ඉන්න ගමන් ඡායාරූප අරන් ඒ.අයි. තාක්ෂණය භාවිත කරලා කරන දේවල්.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය