කුණු කන්න එන අලි නිසා 9 කණුව කුණු වළ ජනතාවට මාරකයක් වෙලා

62

වහාම මෙතැනට කුණු දැමීම නවතන්න:
ජනතාවගේ විරෝධය හමුවේ කුණු ලොරි හැරී යයි

කන්තලේ 9 කණුව ප්‍රදේශයේ ඇති කුණු වළ වහාම ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු ඊයේ (11දා) එම ස්ථානයේ කුණු දැමීමට පැමිණි ප්‍රාදේශීය සභාවේ කුණු ලොරි ඉවත් කරගන්නා ලෙස බල කරමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.

කන්තලේ සේරුවිල මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේ ඇති කුණුවලේ කුණු කෑමට පැමිණෙන අලින්ගෙන් තම ජනපදවලට විශාල කරදරවලට මුහුණදීමට සිදුව ඇති බව පවසන පිරිස් වසර ගණනාවක සිට අදාළ බලධාරින් දැනුවත් කළද මෙතෙක් කිසිදු පියවරක් නොගත් බව කියා සිටී.

විශාල වශයෙන් පැමිණෙන අලි රංචු වාන්ඇල ,9 කණුව, සූරියපුර ඇතුළු ගම්මාන කීපයකටම ඇතුළුවී වගාවන් විනාශ කරමින් ජීවිතද බිලිගනිමින් කරන හිරිහැරවල කෙලවරක් නෑ. මිලියන ගණන් වියදම් කරමින් කුණු ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් ගෙනත් සවි කළත් මේ වනතුරු ඒක ක්‍රියාත්මක නෑ. බලාධාරින් සෙල්ලම් කරන්නේ අපේ අහිංසක ජීවිතත් එක්කයි යැයි උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.

කෙසේ වෙතත් ඊයේ උද්ඝෝෂණ අවස්ථාවේ එතැනට පැමිණි සභාවේ කුණු ලොරි දෙකක් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මැද ආපසූ හරවාගෙන යනු දක්නට ලැබුණි.
කන්තලේ ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment