‘BOC ගම්මාන’ වැඩසටහන් මාලාවේ සිව්වැනි වැඩසටහන දෙහිඕවිට මීගස්තැන්නේදී

86

‘ජාතියේ මහා පහන් ටැඹ’ ලංකා බැංකුව විසින් දියත් කරනු ලබන BOC ගම්මාන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ සිව් වන BOC ගම්මානය සබරගමු පළාතේ දෙහිඕවිට, මීගස්තැන්න ග්‍රාමයේ විවෘත කෙරිණි.

ලංකා බැංකුවේ සංවර්ධන බැංකු අංශය විසින් ක්‍රියාත්මක කර මෙවර වැඩසටහන විවෘත කිරීමේ අවස්ථාව සඳහා සබරගමු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රම සම්පාදන) පරාක්‍රම පියසේන, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, මහා කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහ මීගස්තැන්න ගම්වාසීහු සහභාගි වූහ.

‘BOC ගම්මාන’ වැඩසටහන් මාලාවේ සිව්වැනි වැඩසටහන දෙහිඕවිට මීගස්තැන්නේදී

BOC ගම්මාන වැඩසටහනට සමගාමීව, ලංකා බැංකුව යටියන්තොට සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකටම අයත් මීගස්තැන්න ගම්මානයේ පොදු පහසුකම් සංවර්ධනය කිරීම යටතේ, අබලන් වූ මාර්ගයක් කොන්ක්‍රීට් කිරීම, නාය යෑමෙන් වැසී තිබූ අමුණ පිළිසකර කිරීම, ළදරු පාසල අලු‍ත්වැඩියා කර ක්‍රීඩා උපකරණ ලබා දීම, විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම, BOC මිතුරු කුඩා කණ්ඩායම් ගොඩනැගීම හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ප්‍රදානය, ගෙවතු වගාව සඳහා පැල බෙදාදීම ආදී සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. එමෙන්ම ලංකා බැංකුවේ සහයෝගය ඇතිව මීගස්තැන්න විද්‍යාලයේ උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් ඉදි කිරීමට යෝජිත පන්ති කාමර දෙකකින් යුතු ගොඩනැඟිල්ල වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම ද සිදු කරන ලදී. එමෙන්ම ග්‍රාමීය පුස්තකාලය සහ BOC රන් කැකුළු සංසදය එදින විවෘත කෙරුණු අතර, පාසලේ අත් පන්දු කණ්ඩායම වෙත ජර්සි ලබා දීමද එදින සිදු කෙරුණි. පසුගියදා මෙම වැඩසටහනට සමගාමීව ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.


advertistmentadvertistment