Digital Health සහ Allianz Insurance Lanka Limited අත්වැල් බැඳගනි

12

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අනුබද්ධ Digital Health (Pvt) Ltd (Doc990), සහ Allianz Insurance Lanka Ltd අත්වැල් බැඳගනිමින්, Allianz පාරිභෝගිකයන් හට සෞඛ්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමට හැකියාව සලසා දෙන නවතම සහයෝගිතාවයකට එළඹ තිබේ.

මෙරට වෛද්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රක්ෂණ සේවා ඒකාබද්ධ කෙරෙන මෙම සහයෝගිතාව තුළින් Allianz පාරිභෝගිකයන් හට විශේෂ වට්ටම් සමඟ ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සලසනු ඇත.

දැරිය හැකි මිලකට හොඳම සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට මෙන්ම, නවතම තාක්ෂණික පහසුකම් කිසිදු බාධාවකින් තොරව ලබා ගැනීමටත් පාරිභෝගිකයින්ට අවස්ථාව සලසමින්, Allianz සහ ෘදජ990 මෙම සහයෝගීතාවයට එළඹ තිබේ.

ඒ අනුව, Allianz පාරිභෝගිකයින් ෘදජ990 හරහා ලබා ගන්නා සෞඛ්‍ය සේවාවන් සඳහා ගාස්තු ගෙවීමේදී හිමිවන විශේෂ වට්ටම් වලට අමතරව, ඔවුන්ට ෘදජ990 ්චච හරහා ස්කෑන් සේවාවන්වලටද පහසුවෙන් යොමු විය හැකි බැවින්, තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරතුරුව අධීක්ෂණය කිරීමට හැකියාව ලැබේ. ඉදිරියේදී, මෙම සහයෝගීතාවය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන සමාගම් ද්විත්වය, මෙවැනි සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා වැඩි පාරිභෝගික පිරිසකට ඉඩකඩ සැලසීමටත්, නව විශේෂයන් එක්කර ඔවුන් වෙත හොඳ සේවාවක් ලබාදීමටත් සැලසුම් කර තිබේ.

Digital Health (Pvt) Ltdහි කණ්ඩායම, එම සමාගමේ සංවර්ධන සහ නවෝත්පාදන කළමනාකරු කසුන් හසිත,ව්‍යාපාර සංවර්ධන කළමනාකරු තික්ෂණ ඒකනායක, ප්‍රධාන විධායක නිලධාරි ජනිත් පීරිස් සමග Allianz Insurance Lanka Limited හි ප්‍රධාන විධායක නිලධාරි ප්‍රශාන්ත් ග්‍රෝවර්, එම සමාගමේ ප්‍රධාන බෙදාහැරීමේ නිලධාරී රංග ඩයස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී . ජාතික බැංකු රක්ෂණ තිමිර මනමේන්ද්‍ර හා වෙළෙඳපොළ කළමනාකරණ ප්‍රධානී කසුන් යටවර යන පිරිස සමග ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.


advertistmentadvertistment