ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් පිළිබඳ ප්‍රමුඛතම ගෝලීය සමාගමක් වන IceWarp විසින් ඔවුන්ගේ අති නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යුත් තැපැල් විසඳුම (Email) නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

මෙමඟින් විද්‍යුත් තැපෑල (Email) සහ ඒ හා සමගාමී සහයෝගීතා විසඳුම් පිළිබඳ යුරෝපීය තාක්ෂණික විශේෂඥතාවය මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත පිරිනමයි.

Hayleys Fentons සමාගමේ තොරතුරු තාක්ෂණික අංශය වන Fentons Information Technology (FIT) සමග ආරම්භ කරන ලද ව්‍යාපාරික සහයෝගීතාවය ඔස්සේ මෙය මෙහෙයවනු ලැබීම මෙහිදී වඩාත් සුවිශේෂී වේ.

Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පසුගියදා කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම නවතම විද්‍යුත් තැපැල් (Email) විසඳුම හඳුන්වාදීමේ සුවිශේෂී අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහිදී මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ මනා පැහැදිලි කිරීමක් සිදුකරමින් IceWarp හි ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ඇඩම් පැක්ල්ට් (Adam Paclt) මහතා සහ එහි ඉන්දියාව සහ මැදපෙරදිග කලාපයන්හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රමෝද් ෂාර්ඩා (Pramod Sharda) මහතා ඇතුළු ඔවුන්ගේ ඉහළ පෙළේ කළමනාකාරීත්වය විසින් මෙම නවතම විද්‍යුත් තැපැල් විසඳුමෙහි වැදගත්කම අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා තොරතුරු තාක්ෂණික වෘත්තිකයින්,රජයේ නිලධාරීන්, ආයතනික ප්‍රධානීන්, බැංකු මූල්‍ය සේවා සහ රක්ෂණ අංශවල ප්‍රධාන තොරතුරු තාක්ෂණික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකික ව්‍යාපාර වලට Microsoft 365 සහ Google Workspace සඳහා දැරිය හැකි සිය ව්‍යාපාරික පරිමාණයන්ට ගැළපෙන ආරක්ෂිත විකල්පයක් වෙත ප්‍රවේශ විය හැකි කදිම අවස්ථාවන් මෙම හඳුන්වාදීමත් සමඟ හිමි වී තිබේ. එපමණක් නොව මෙම IceWarp හි උසස් තාක්ෂණික සේවාවන් පෙළ ඔස්සේ සන්නිවේදනය වඩාත් විධිමත් කරමින් ඵලදායිතාව ඉහළ නැංවීම සිදුකරන අතර එමඟින් පුළුල් පරාසයක් දක්වා පැතිරුණු තනි හෝ සාමූහික තලයේ සන්නිවේදන කාර්යයන් ඒකාබද්ධ කිරීමක් ද සිදු කරයි.


advertistmentadvertistment